මේ වන විට‘ද ෆිනෑන්ස්’ සමාගම රජය හා මහබැංකුව විසින් ඈවරකරුවන් හරහා ඈවර කිරීමේ ක්රියාවලියේ බරපතල විෂමතා හා අඩුපාඩු රැසක් සිදුවීම තුළ තැන්පත්කරුවන් බරපතල ගැටලු රැසකට මුහුණ දි ඇති බවත් අදටත් මොවුන්ට පිළිතුරු නොමැති ගැටලු ඇති බවත් එහි දී ‘ද ෆිනෑන්ස්’ සමාගම සතු සමස්ත වත්කම් ප්රමාණය, ඒ සමාගම සතු සමස්ත වගකීම් ප්රමාණය, ඈවර කිරීම යටතේ තැන්පත්කරුවන්ට ගෙවීමට අපේක්ෂිත මුදල, ඒ අපේක්ෂිත මුදල ගෙවන කාල සීමාව ආදිය සේම තැන්පත්කරුවන්ට මේ කාලයේ සහනයක් ලබා දීම සේම වෝහාරික විගණනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්ය බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ද ෆිනෑන්ස්’ සමාගමේ තැන්පත්කරුවන් 6300කගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවූ අවස්ථාවේදීය.
ඈවරකරුවන් සේම මහ බැංකුව ද තමන්ට රිසිසේ මේ ක්රියාවලිය සිදු කරන නිසා 6300ක් තැන්පත්කරුවන් තමන්ට යුක්තිය සාධාරණත්වය ඉටු වන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත් වෝහාරික විගණනය සම්බන්ධයෙන් රජය සහ මහබැංකුව ගත් පියවර ආදිය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් දැනුවත් කළ යුතු බවත් මේ මූල්ය අපරාධය ගැන විමර්ෂණ සඳහා පොලිස් මූල්ය අපරාධ ඒකකයට පැමිණිළි කර ඇති මුත් ඒවාට වුණ දේ නොදන්න බවත් දැන්වත් රජය මැදිහත් වී මහබැංකුව හා අදාළ ආයතනවලින් තොරතුරු වාර්තා ලබා ගෙන විනිවිදභාවයෙන් යුත් ක්රමවේදයක් හරහා සමාගම සතු වත්කම් වෙන්දේසි කර මේ 6300කගේ මූල්ය වගකීම් නැවත ගෙවීම රජයේත් මහ බැංකුවේත් යුතුකම බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.
මේ වන විට සම්පූර්ණ තැන්පතුවලින් 7.5%ත්, තවත් අවස්ථාවක 5.5%ත් ලෙස ගෙවීම් කටයුතු කර ඇති මුත් තවත් 6300කට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් මේ ‘ද ෆිනෑන්ස්’ ආයතනය බි. 1.7ක ලාභයක් ලබා ගෙන ඇති කාලයේ මෙය පවර ගත් බවත් 2008-2018 කාලයේ රු. බි. 19ක අලාභයක් පවරා ගැනීමෙන් පසු සිදුවූයේ කෙසේද කියා ප්රශ්න කරන බවත් මේ මූල්ය ආයතනය බරපතල තත්ත්වයකට පත් වී තිබියදී තවතවත් තැන්පත්කරුවන්ට තැන්පත් කරන ලෙස උනන්දු කරවූ වැඩපිළිවෙළ ක්රියාත්මක කළේ කවුද කියා ඉදිරිපත් කළ යුතු බවත් මෙයට වගවිය යුත්තේ කවුද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
‘ද ෆිනෑන්ස්’ ආයතනයේ සම්පත් හා දේපල කොල්ල කා ඇති බවත් මෙහි සම්පත් හිමිවිය යුත්තේ තැන්පත්කරුවන්ට බවත් මේ ඈවර කිරීමේ බරපතල ගැටලුවක් ඇති නිසා නිසි තක්සේරුවක් කර මේ ආයතනයේ සම්පත් වෙන්දේසි කර තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


