සැබෑ සතුරාට එරෙහිව නැගී සිටින ලෙස ඉරාන නායකයා සියලුම මුස්ලිම් රටවලින් ඉල්ලයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 30දින : ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කාමෙනෙයි සැබෑ සතුරා හඳුනාගෙන එයට එරෙහිව එක්වන ලෙස ගල්ෆ් කලාපයේ රටවලින් ඉල්ලා තිබේ.

ඉස්ලාමීය රටවල් වෙනුවෙන් නිකුත් කළ ලිඛිත පණිවිඩයකදී ඔහු කියා ඇත්තේ මුස්ලිම් රටවල් අතර බෙදීම් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ වාසියට හේතුවන බවයි. එමෙන්ම මුස්ලිම් රටවල් අතර සහයෝගීතාව, එකමුතුව සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

කාමෙනෙයිගේ පණිවිඩයේදී පලස්තීන ජනතාව මුහුණ දෙන තත්ත්වයද සඳහන් කරමින්, මුස්ලිම් රටවල් එක්සත්ව සිටියේ නම් පලස්තීනුවන් මෙතරම් අසරණ තත්ත්වයකට පත්වනු ඇත්දැයි ප්‍රශ්න කර ඇති අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් Anadolu වාර්තා කරන්නේ, කාමෙනෙයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉස්ලාමීය එක්සත්කමට “ප්‍රධාන සතුරන්” ලෙස හඳුන්වා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...