අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ LNW :

ඊයේ (29) පස්වරුවේදී, අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්විය.

එහිදී, ඉන්දීය රජයේද යුනෙස්කෝ සංවිධානයේද සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කර, නව යෝජනාද ඇතුළත් කර අදාළ සැලැස්ම ලබන මස 8වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15 වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසද උපදෙස් දී තිබේ.

අනුරාධපුර පූජා භූමියේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් මිනිසුන් අත්හැර ගිය “නටබුන්” ලෙස පමණක් නොසලකා, ඒවා අදටත් ජනතාව වන්දනාමාන කරන “සජීවී ඓතිහාසික ස්ථාන” ලෙස සලකා බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවත්, හරිත සංවේදී කලාපයක් ලෙස වාහන තදබදය අවම කිරීමත් විද්‍යුත් බස් රථ සේවා යොදා ගැනීම පිළිබඳ සැලසුම් කිරීමේ වැදගත්කමත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...