විවාහ බන්ධනයෙන් කැඩී වෙන්වීම වරදක්ද ?

Date:

ඉහත ෆේස්බුක් පෝස්ටුවේ සඳහන් සිදුවීම ගැන විවිධ මිනිසුන්ගේ නොයෙක් අදහස් උදහස් හා මතිමතාන්තර මුහුණු පොත තුලින් දුටිමි. එහි එක් පාර්ශවයකගේ මතය වී තිබුනේ වඩාගෙන ගියත් යන ගෑණි යන බවය. එයට ප්‍රතිපක්ෂ මතය වී තිබුනේ මේ පුරුෂයාට තවත් ගැහැණු සඹඳතා රාශියක් ඇති බවය..

ඇත්තෙන්ම විවාහ ජීවිතය යනු වඩාගෙන ගිය නිසා හෝ වෙනත් උදව්වක් කල නිසා හෝ කෘතගුණ සැලකීම වෙනුවෙන් පවත්වාගෙන යායුතු දෙයක්ද? නැත්නම් විවාහය යනු මොනම තත්වයකදී වත් බිඳ දැමිය යුතු නැති ශුද්ධවූ බන්දනයක්ද ?

අතීත කතෝලික පල්ලියට අනුව කසාදය යනු දෙවියන් විසින් කරන ලද එකතු කිරීමකි. එබැවින් මිනිසුන්ට එය බිඳිය නොහැකිය.

එය ලාංකීය වැඩවසම් සංස්කෘතියට අදාලව ගත් කල කුළගෙය යනු ගැහැණිය විසින් දිවි ඇතිතෙක් දිවි හිමියෙන් ආරක්ෂා කරගතයුතු ශුද්ධ වස්තුවකි. එහිදී කුළගෙයින් පිටමංවූ ගැහැණිය පව්කාර ස්ත්‍රියක් සේ සැලකේ…

නමුත් මෙකී අතීත සදාචාර බන්ධන පසෙක තබා විවාහ සංස්ථාව දෙස නිදහස්ව බැලූවිට යතාර්තයේ ඇත්තේ වෙන තත්වයකි. කසාද ජීවිතයට ගැහැණිය හා පිරිමියා පිවිසෙන්නේම එකිනෙකා ගැන ෆැන්ටසිමය විස්වාසයක් සහිතවය..එහිදී විවාහ දිවියේ මුල් කාලය තුල දෙදෙනාට එකිනෙකා සම්බන්දව පවතින නැවුම්බව, කුතුහලය නිසාම ඒ පැන්ටසිය පළුදු නොකර පවත්වාගෙන යා හැකිය.

නමුත් කාලය ගතවීමත් සමග දෙදෙනාට එකිනෙකා ඒකාකාරී වීම නිසා විවාහ දිවිය බෝරිං වෙයි..හැමදාම පෙනෙන එකම කුකුල් කරමලේ ඇති නැවුම් බවක් නැත..එතැන් සිට දෙදෙනාගේ ෆැන්ටසීන් බිඳවැටේ..බොහෝ විට ඉන් ඉදිරියට විවාහ දිවිය යනු දෙදෙනා අතර අනුරාගික සබඳතාවය මැරුණු, ළමයින් ගැන සිතා ළමයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන කළබලකාරී නීරස ආයතනයක් බවට පත්වේ…

“දරුවන් ලොකු මහත්වීමෙන් පසු දෙන්නා දෙමහල්ලො දරුවන් වෙනුවෙන් ලිංගික හා අනුරාගික කටයුතු වලින් ඉවත්විය යුතුය” යන ආගමික ප්‍රතිපදාවන් වල ගිලුනු බොහෝ ආසියාතික ගැහැණුන් හා පිරිමින් විවාහයේ පසුව ඇතිවන නීරස බව දරාගනිමින් ගැටුමකින් තොරව කුටුම්භය ඔහේ ඇදගෙන යයි..

නමුත් සමහර තැන්වල දෙදෙනා අතර ඇතිවන ඒකාධිකාරී බව නොරිස්සුම් සහගත තත්වයක් දක්වා පරිවර්තනය වී අවසානයේ මාරාන්තික ගැටුමක් බවටම පත්විය හැකිය..

මෙහිදී එවන් අවස්තාවල ඔවුන් කලයුතු වන්නේ දෙදෙනාම සුහදව වෙන්වීමයි..

නමුත් ලංකාව වැනි රටවල් වල දරුවන් යනු ඉතා දීර්ඝ කාලයක් දෙමාපියන් විසින් නඩත්තු කලයුතුව පවතින ජීවීන් කොඨ්ටාසයක් වීම නිසාද, සහ බොහෝ තැන්වල කුටුම්බයේ ආර්ථික බර රැඳී ඇත්තේ පියා මතම වන බැවින්ද දික්කසාද වූ විට දරුවන්ගේ පැවැත්ම අර්බූදයට යයි..මේ තත්වය නිසා අඹුසැමියන් අතර අනුරාගික සඹදතා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ පසුද දරුවන් වෙනුවෙන් ලාංකික ආසියානුවන්ගේ කසාද ජීවිතය ගුටි,බැට අඬදබර මැද ඔහේ ඇදී යයි..

නමුත් මීට විකල්පව බටහිර ලෝකය තුල විවාහය ඒකාකාරී වනවිට ඔවුන් වීවාහය සඳහා නව හවුල්කරුවෙක් සොයා යයි..එහිදී බටහිර පිරිමින් තමා අතහැර යන ගැහැණිය හඹාගොස් ඝාතනය කරන්නේ නැත…එහිදී බටහිර දරුවන් අඩු වයසින්ම ස්වකීය ස්වාධීනත්වය සාදාගන්නා නිසාද, බටහිර රජ්‍යයයේ ලමුන් සම්බන්ද සුබසාධනය සහ රැකවරනය ඉහල මට්ටමක පවතින නිසාද මෙහෙ වගේ ගැටළුවක් ඛේදවාචකයක් එහේ ඇතිවන්නේ නැත. බටහිර ලෝකයේ වයස හැට හැත්තෑවේ වයසක ජෝඩු අත් අල්ලා ගෙන මංමාවත් වල ඇවිද යනු අප අනන්තවත් දැක ඇත..ඇත්තෙන්ම ඒ ආගමේ සඳහන් දෙවියන් විසින් එක් කල පෙර බවේ සිට ඔතාගෙන පතාගෙන ආ පෙම් වතුන් නොවේ..

ඇතැම්විට ඒ එකිනෙකා ඒකාකාරී වනවිට තුන් හතර වතාව එකිනෙකා වෙනස් වෙමින් අළුත්වූ ජෝඩුය..

එසේ නොවන්නට ජීවිතයේ එක දිගට අවුරුදු හැට හැත්තෑව වන තෙක් හෝ දෙදෙනා එකට මැරෙන තෙක් අත් පටලන් යන උන් සිටින්නේ දේවකතාවලය, නැත්නම් සිනමා පටවලය.. නැත්නම් පිස්සන් කොටුවලය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...