බීරම අස්සේ ….

Date:

පොරෝනාව මෑත් කර
කම්මැලිකමේ අහස බලනකොට
උදෑසන
බීරළු අස්සෙන්
පෙනෙන්නට තිබ්බෙ බීරමක්
අද දවස අඳුරු දවසක් බව
කාලගුණෙනුත් කියනවා ඇසුණා

තාවකාලිකව වුවත් අපි සමුගත්තේ
අපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේ
අද දවසටත් වඩා බීරමක්
ඔබට මතකද එය

අපි නිතර මුණ ගැහුණු .
අවන්හල් එලෙසම ප්‍රමෝදයෙන්
ඇවිළෙනවා ඇති
සේවා සපයන්නෝ සමහරවිට
ව්‍යාජ සිනාවෙන් මුව සරසාන
අවුළුපත් බෙදනු ඇති

ඉර හැංගෙන්න පෙර අහස් තලේ
වළාකුළු පෙනුණේ
සිගරැට් දුම් වගේ
බැරි වුණා අපට ඇවිදින්න
පාලු වෙරළත දිගේ

හිතේ බීරමක් එල්ලාගෙන
ඇවිදිනවා තනිව සිහිකරමින් ඔබව මම
වෙරළෙන් ඈත දුරක ඉන්නා

බීරම අස්සේ බලු බිරුම් පවා
ගණනකට නෑ මට
ඔබේ ඇස් කෙවෙණි අග දිලිහුණ
කඳුළ සිහි වෙනවා මට

කාලය ශූන්‍ය වී එකම තැන කැරකෙන්න
අපි පැතූ හැටි සිහිකරමින්
යා නොහැකි වූ වෙරළත
තනිව ඇවිදිනවා මම

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...