බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කර
කම්මැලිකමේ අහස බලනකොට
උදෑසන
බීරළු අස්සෙන්
පෙනෙන්නට තිබ්බෙ බීරමක්
අද දවස අඳුරු දවසක් බව
කාලගුණෙනුත් කියනවා ඇසුණා

තාවකාලිකව වුවත් අපි සමුගත්තේ
අපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේ
අද දවසටත් වඩා බීරමක්
ඔබට මතකද එය

අපි නිතර මුණ ගැහුණු .
අවන්හල් එලෙසම ප්‍රමෝදයෙන්
ඇවිළෙනවා ඇති
සේවා සපයන්නෝ සමහරවිට
ව්‍යාජ සිනාවෙන් මුව සරසාන
අවුළුපත් බෙදනු ඇති

ඉර හැංගෙන්න පෙර අහස් තලේ
වළාකුළු පෙනුණේ
සිගරැට් දුම් වගේ
බැරි වුණා අපට ඇවිදින්න
පාලු වෙරළත දිගේ

හිතේ බීරමක් එල්ලාගෙන
ඇවිදිනවා තනිව සිහිකරමින් ඔබව මම
වෙරළෙන් ඈත දුරක ඉන්නා

බීරම අස්සේ බලු බිරුම් පවා
ගණනකට නෑ මට
ඔබේ ඇස් කෙවෙණි අග දිලිහුණ
කඳුළ සිහි වෙනවා මට

කාලය ශූන්‍ය වී එකම තැන කැරකෙන්න
අපි පැතූ හැටි සිහිකරමින්
යා නොහැකි වූ වෙරළත
තනිව ඇවිදිනවා මම

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...