ගාල්ලේ මාරාන්තික බැක්ටීරියාව කොළඹටත් ඇතුළු වෙයි !

Date:

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකුට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නම් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ රෝගියා ජා ඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශය තුළ පිහිටි ආයතනයක සේවය කරන්නෙකු බව සඳහන්.

උණ රෝගී තත්වයක් මත ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති තර එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ. එම්. ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම එම රෝගියා සේවය කළ සේවා ස්ථානයෙහි ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට කටයුතු කළ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරත් පවසා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...