ත්‍රස්ත විරෝධී පනත යළි එයි!

Date:

කොළඹ LNW:ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා දැනට හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් අදාළ පනත නැවත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

දැනට බලාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.

පසුව රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද එකී පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පාර්ශ්වයන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළි නිසා එම පනත් කෙටුම්පත හකුළා ගැනුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...