තවත් එන්නත් දෙකක හිඟයක්!

කොළඹ LNW:කහ උණට හා මෙනින්ජයිටීස් රෝග සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන අතර ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එම එන්නත් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැති අතර ඒ අනුව අදාළ සැපයුම්කරු මගින් කඩනමින් එන්නත් ආනයනයට සැලසුම් කර ඇති බව ඔහු කියාසිටියි.

ඒ අනුව එම එන්නත් ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබෙනු ඇති බවයි විජේසූරිය මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...