සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ (30) දිනයේත් වාර්තා විය.
ඊයේ දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ ගියේය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,058.60 ක් ලෙසත් වාර්තා විය.
ඊයේ දිනයේ ගනුදෙනු පිරිවැටුම වූයේ රු. මිලියන 759.43 කි.
ගතවූ දින අටක් තිස්සේම කොළඹ කොටස් වෙළඳපොල අඛණ්ඩව පහළ බසිමින් පවතී.