අද (31) දවසේ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ සහ හිරු මුදුන් වන ප්‍රදේශ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (31) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (31) දහවල් 12:10 ට රඹෑව, තෝපූර් සහ මහවිලච්චිය ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

JKH ලාගේ කැසිනෝවෙන් බිලියන 15ක් වන්දි ඉල්ලා රවී ගොනුකළ නඩුවට පසුගියදා ලැබුණු නියෝගය මෙන්න !

මෑතකදී කොළඹ විවෘත කෙරුණු ''සිටි ඔෆ් ඩ්‍රීම්ස්'' කැසිනෝ ශාලාවට...

අපිට තියෙන ප්‍රශ්නේ ජොබ් එකක්වත් කරපු නැති චිචී රොකට් යවන්න සල්ලි හෙව්වේ කොහෙන්ද කියන එකයි – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ආණ්ඩුවට ඇති ප්‍රශ්නය වන්නේ රොකට්ටුවක් යැවීම...

GMOA වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලත් තවත් තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරැල්ල, සහස්පුර, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී පසුගිය...