එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට එරටින් පිටවීමට පොදු සමා කාලයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබෙන බව , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමිවෙයි. පොදු සමා කාලය තුළදි විසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...