සජිත්ලා, නාමල්ලා, රනිල්ලා, මහින්දලා, මෛත්‍රීලා, චම්පිකලා අපරාධකාරයෝ. ඔක්කොම එක රැළට වැලිකඩ යවනවා – ඇමති නලින්

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේදී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලාගැනීමට හැකිවන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“දැන් අපිට විපක්ෂයේ පසුගිය වැඩෙත් එක්ක ඉතාම පහසු වුණා, විශේෂයෙන්ම අපි කියපු හොරු ටික එකම කඳවුරකට ආවා. සජිත් මහත්තයලා, රනිල් මහත්තයලා, නාමල් මහත්තයලා, මහින්ද මහත්තයලා, මෛත්‍රීපාලාල මහත්තයලා, චම්පික මහත්තයලා, මේ තමයි අපරාධකාරයෝ ටික. මෙයාලා තැනින් තැන හැංගිලා හිටියේ, හැබැයි රනිල් මහත්තයාගෙ සිදුවීමත් එක්ක අපරාධකාරයො එක පෙළට ආවා. ඉතින් ඊගාව රැස්වීම තියෙන වෙලාවට ගිහිල්ලා ඒ තියෙන ශාලාවට මහා ඉබ්බෙක් දැම්මොත් හොරු ටික එකවැරම අල්ලාගන්න පුළුවන්. ඒ නිසා හොරු කවුද, නොහොරු කවුද කියලා හරිම සරල බෙදීම් රේඛාවක් දැන් තියෙනවා. ඔවුන් ඒ තත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ගෞරවනීය ස්තූතියක් තියෙනවා. සජිත්ලාගෙ දැන් රෙදි ගලවාගෙන, නාමල්ලාගෙ දැන් රෙදි ගලවාගෙන එකට ලැගලා තියෙනවා. ඇයි මෙහෙම ලගින්නෙ ? ඉදිරියේ එන මැතිවරණවලට ඔවුන්ට වෙන්වෙලා හිටියොත් තමයි වාසි. හැබැයි දැන් ඔවුන්ට ළඟ එන අනතුරක් තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක වීම. ඔවුන් දන්නවා ඔවුන් අපරාධකාරයෝ, එහෙනම් අපරාධකාරයෝ එකට එකතුවීමෙන් පමණයි යම් හෝ සැනසීමක් ගන්න වෙන්නෙ. හැබැයි ඒකෙන් සැනසීම තියෙන්නෙ ආණ්ඩුවට. එකවිට ඉබ්බෙක් දම්මා ගත්තාට පස්සෙ ඔක්කොම එක රැළට අපට වැලිකඩට යවන්න පුළුවන්”

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...