ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් ඉල්ලා අස්විය යුතු බවට මහජන ඉල්ලීම් වැඩි වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් ඉල්ලා අස්විය යුතු බවට් මහජන ඉල්ලීම වැඩි වන බව වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ප්‍රකාශ කර තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී බර්නි සැන්ඩර්ස් මේ බව ප්‍රකාශ කර තිබු අතර එක්සත් ජනපද සෞඛ්‍ය ආයතනවල මෑත කාලීන අවුල් සහගත තත්ත්වයෙන් හේතුවෙන් ඔහු ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යය අනතුරේ හෙළන බවයි.

සාකච්ජ්ජාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින්  බර්නි සැන්ඩර්ස් අනතුරු අඟවා තිබුණේ, වෛද්‍ය ප්‍රජාවේ අතිමහත් විරෝධය නොතකා, ලේකම් කෙනඩිගේ මීළඟ ඉලක්කය ළමා ප්‍රතිශක්තිකරණ විය හැකි බවත්, එයට සරම්ප, පැපොල සහ පෝලියෝ ඇතුළු රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත එන්නත් භාවිතයෙන් ඉවත් කළහොත් මේවන විට ආරක්ෂිත සහ ඵලදායී එන්නත් නිසා මුළුමනින් අතුගා දැමූ රෝග නැවත මතු වීමට ඉඩ ඇති වීමයි.

දිගුකාලීන එන්නත් විරෝධී උපදේශකයෙකු වන කෙනඩි, සෞඛ්‍ය ආයතන සේවකයින් සේවයෙන් පහ කරමින් සිටින අතර පසුගිය සතියේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ සුසන් මොනාරෙස් සේවයෙන් පහ කිරීමත් සමඟ සේවකයන් 750 දෙනෙකුගේ අත්සනින් කෙනඩි මහජන සෞඛ්‍යයට පැවැත්මේ තර්ජනයක් බවට ලිපියක් ජනාධිපති ට්‍රම්ප් වෙතද යොමුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන් ඒකනායක අද යළි CID කැඳවයි!

කොළඹ LNW: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද...

ටියානාට පෑන් ඇමෙරිකානු 15 න් පහළ යුගල සූරතාවය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW: ආර්ජෙන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින්...

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් : මියගිය පිරිස 20 ඉක්මවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ රික්ටර්...

දේශපාලකයින් සහ පාතාල නායකයින් අතර සම්බන්ධතා ඇද්දැයි කඩිනම් විමර්ශනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, කොළඹ LNW : පසුගියදා ඉන්දුනීසියාවේ දී...