මැලේසියාවේ ධනවත්ම ‘සීනි රජු’ රොබට් කුඕක්, 102 වන වියට පා තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 17.7 ක් හිමි ලෝකයේ 97 වන ධනවත්ම පුද්ගලයා වන රොබට් කුඕක් 102වන වියට පා තබා තිබේ.

1923 ඔක්තෝබර් 6 වන දින උපත ලද මැලේසියාවේ ධනවත්ම මිනිසා, “ආසියාවේ සීනි රජු” ලෙසද හැඳින්වෙන රොබට් කුඕක් සිය ආර්ථික අධිරාජ්‍යය කෘෂි ව්‍යාපාර, දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාර (ෂැංග්‍රි-ලා හෝටල් සහ නිවාඩු නිකේතන) දක්වා විවිධාංගීකරණය වූ (සීනි, පාම් තෙල්, නැව්ගත කිරීම, දේපළ වෙළඳාම, ආගන්තුක සත්කාර දක්වා විහිදේ.

ඔහුගේ පෞද්ගලික ධනයට දායක වී ඇති විශාලතම ධන මූලාශ්‍රය වන්නේ ලොව විශාලතම ලැයිස්තුගත පාම් තෙල් වෙළඳ සමාගම වන සිංගප්පූරු සමාගමක් වන විල්මාර් ඉන්ටර්නැෂනල් හි කොටස් හිමිකමයි.

මෑත කාලීන ව්‍යාපාර අතරට ජොහෝර් හි ප්‍රධාන දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘතියක් ඇතුලත්වන අතර කුඕක් සමූහයේ ගෝලීය මෙහෙයුම්, ආසියාව පුරා සහ ඉන් ඔබ්බට දහස් ගණනකට රැකියා ලබා දී ඇත.

මහතීර් මොහොමඩ්ගේ දෙවන අගමැති ධුරයේ සිටියදී එනම් 2018 වසරේදී රොබට් කුඕක් හට ගෞරව පිණිස උපදේශකයෙකු ලෙස ද කීර්තිමත් පුද්ගලයින්ගේ කවුන්සිලයට පවා පත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...