එක්සත් ජාතික පක්ෂයෙන් නව තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW:

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ ඇති අතර, එහිදී, ඒ පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

තවද, අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව ඇති අතර, දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම, මෙම යෝජනාවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනා කෙරෙණු ඇත. ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබේ.

තවද, විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...