ඉන්දියාව පාන්පිටි අපනයනය අත්හිටුවයි – බේකරි කර්මාන්තය අනතුරේ

Date:

තිරිඟු පිටි අපනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් තිරිඟු පිටි නිෂ්පාදන කටයුතු අඩපන වී ඇති අතර මේ නිසා තමන් සතුව පවතින තිරිඟු පිටි තොග ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගැනීමටයි ඉන්දියාව තීරණය කර තිබෙන්නේ.

මෙම තත්වය මත ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර වී ඇති බවයි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙන්නේ.

රුසියා-යුක්රේන යුද උණුසුම හේතුවෙන් මේ වනවිට සමස්ත ලෝකය පුරා තිරිඟු පිටි අර්බුදයක් මතුව තිබේ. ලොවපුරා භාවිතා කරන තිරිඟු පිටිවලින් වැඩි ප්‍රතිශතයක් යුක්රේනය තුළ නිෂ්පාදනය කළ අතර යුද්ධය හේතුවෙන් තිරිඟු පිටි නිෂ්පාදනය සහ අපනයන කටයුතු අඩාල වී තිබේ.

තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ ඉතා පහසුවෙන් ඉන්දියාව හරහා තිරිඟු පිටි ආනයනය කිරීමේ හැකියාව පැවති බවයි. මතුව ඇති තත්වය මත තුර්කියෙන් පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට සිදුව ඇති අතර මේ නිසා රටතුළ පවති තිරිඟු පි‌ටි හිගය තවදුරටත් දරුණු වනු ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබූ අතර බේකරි හිමියන් පසුගියදා ප්‍රකාශ කළේ මෙම තත්වය මත පාන් රාත්තලක මිල අවම වශයෙන් රුපියල් 250 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...