*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

”පාකිස්ථානය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න” -එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ව්‍යසනකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ සමස්ත භූමියෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇත. ව්‍යසනයෙන් විපතට පත් මිලියන 33 කට වැඩි පකිස්ථානුවන් සඳහා ඩොලර් මිලියන 160 ක් ලබා දීමට එක්සත් ජාතීන් තීරණය කර ඇත. අදාළ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඇන්ටෝනියෝ ගුටරෙස් පාකිස්තානය වෙනුවෙන් ආධාර ලබා දීමට ලෝකයට ආරාධනා කරන්නට විය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ දේශගුණික විපර්යාස පෘතුවිය විනාශය දෙසට ගෙන යමින් ඇත. එය අද පකිස්ථානයේ දැක ගත හැක. හෙට එය ඔබේ රටේ විය හැක. ගංවතුරෙන් අවතැන්ව ඇති පාකිස්ථානුවන් සඳහා ආහාර, ජලය, සනීපාරක්ෂාව, කූඩාරම්, හදිසි අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආධාර අවශ්‍ය වන බව පැවසේ.

ජූනි මාසයේ සිට විනාශකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර රට පුරා මාර්ග, භෝග, නිවාස සහ පාලම් විනාශව ඇත.එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසූයේ දේශගුණික බලපෑම් හේතුවෙන් මිනිසුන් මියයාමේ සම්භාවිතාව 15 ගුණයකින් වැඩි වී ඇති බවයි.

බලධාරීන් ඇස්තමේන්තු කරන්නේ සහන අවශ්‍ය බවයි. මේ විට, ප්‍රධාන වශයෙන් කූඩාරම්, නවාතැන් සහ මූලික ආහාර වැනි ප්‍රථමාධාර සහන අවශ්‍ය වේ, එමෙන්ම පිරිසිදු ජලය අවශ්‍යය බව පැවසේ. පකිස්ථානය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයක් නිපදවන නමුත් දේශගුණික විපර්යාසවල බලපෑමට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් 10 තුළ අඛණ්ඩව ශ්‍රේණිගත වේ.දේශගුණික විපර්යාස නිසා ඇතිවන උණුසුම් වායුගෝලය අධික වර්ෂාපතනයක් ඇති කරයි.

මේ වන විට පාකිස්ථානයේ ගංවතුර හේතුවෙන් සිදුව ඇති හාන්ය අවම වශයෙන් ඩොලර් බිලියන 10ක (පවුම් බිලියන 8.5ක) පමණ වෙතැයි පුරෝකතනය කර ඇත. පාකිස්ථානු සැළසුම් අධ්‍යක්ෂකවරයාට අනුව ගංවතුර තත්වය පැමිණෙන විටත් ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටියේය. මේ වන විට පාකිස්ථානයේ කෘෂිකාර්මික ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ආහාර ද්‍රව්‍යන්ගේ මිල ගණන්ද සාමාන්‍ය මිනිසුන්ට දැරිය නොහැකි තරම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ගංවතුර තත්ත්වය වඩාත් දරුණු වශයෙන් සින්ද් සහ බලුකිස්තාන් මෙන්ම කයිබර් පක්තුන්ක්වා හි කඳුකර ප්‍රදේශ වලට බලපා ඇති බව වාර්තා වේ. උතුරු ස්වාත් නිම්නයේ ගම්මානවල දහස් ගණනකට ආරක්ෂිත ස්ථාන වලට යොමු වන ලෙස නියෝග කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමාගේ ආරාධනයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත. එමෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ රට සඳහා ඩොලර් බිලියන 1.2 ක ණයක් අනුමත කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan