*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළඹෙන්නට බලාපොරොත්තුවන මූලික “මාණ්ඩලික මට්ටමේ එකඟත්ව ගිවිසුම” තුළ අඩංගුව ඇත්තේ මොනවාද?

2022 මාර්තු 05 වැනි දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළඹෙන්නට බලාපොරොත්තු වෙන බවට ශ්‍රී ලංකාව විසින් දැනුම් දෙන ලදී. එතැන් සිට, විටින් විට, ශ්‍රී ලංකාව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට” නුදුරු කලකින් එළඹෙන බවට නිවේදන නිකුත් කළහ.

ඒ අනුව, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන්ම දැනුම් දී තිබුනේ තව මාස දෙකකින් පමණ එවැනි ගිවිසුමකට එළඹ වුණායින් පසුව, ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ය. තවද, ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික ප්‍රශ්න පාහේ මෙවැනි ගිවිසුමක් හරහා විසඳුම් ලබාදී ඒවා අවසාන කරන්නට හැකි බවත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට ඉඟි දෙන ලදී.

එහෙත් මෙම කාලය තුළදී කිසිදු යහපත් ආර්ථික ප්‍රතිඵලයක් නම් දකින්නට නැති අතර, දැන් විදින්නට සිදු වී ඇත්තේ අහස උසට නැඟ ඇති භාණ්ඩ මිල, නිරන්තරයෙන්ම ඇතිවෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, දැඩි මතභේදයට ලක්ව ඇති විදේශ ණය පැහැර හැරීම සහ දැනට පවතින ගිනි පොලී අනුපාත ඇතුළු දැඩි කම්පාවන් පමණයි. දිනපතා පලවෙන ප්‍රවෘත්තිවලින් මෙම තත්ත්වය සක් සුදක් සේ පැහැදිලි වනු ද ඇත.

දැන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත එළැඹී මාස 5 1/2ටත් පසුව, රජය නැවතත් දන්වා සිටින්නේ 2022 සැප්තැම්බර් මාසය අග වනවිට මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට බලාපොරොත්තුවක් තිබෙන බවත්, ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ශ්‍රී ලංකාවට ගලා එන බවත්ය.

ඒ අතර, මීට පෙර ලැබෙමින් තිබූ සියලුම විදේශ විනිමය ණය දැන් නැවතී ඇත. ඒවායින් එක් සතයක්වත් ලැබෙන බවක් පෙනෙන්නට වත් නැත. සියලුම සාම්ප්‍රදායික ද්විපාර්ශවික මූල්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම දැන් නතර වී ඇත. සියලුම විදේශීය ණය හරහා කෙරෙමින් තිබූ ව්‍යාපෘතිද අත්හිටුවා ඇත.

දැන්, ශ්‍රී ලංකාව වැටී ඇත්තේ “හිඟන” මට්ටමකට වන අතර විටින් විට විවිධ රටවල නියෝජිතයන් පැමිණ, යම් භාණ්ඩ හෝ මුදල් සොච්චමක් හිඟන්නෙකුට දානය කරන ආකාරයට මහත් ප්‍රසිද්ධියෙන් දානය කරමින්, විටෙක ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයන් තවදුරටත් ලැජ්ජා මට්ටමකට පත් කරමින් සිටිති.
එහෙත් මේ වන විට ඊටත් වඩා වැදගත් ප්‍රශ්න මාලාවක් මතුවෙමින් පවතී.

එනම්, මේ තාක් කල් සියලු දෙනාම නොදන්නා “මාණ්ඩලික මට්ටමේ ගිවිසුම” යන්නේ කුමක්ද? එය, කිසි කෙනෙක් දැක තිබේ ද? එහි ඇති කරුණු සාකච්චා කොට විග්‍රහයකට යොමු කර තිබේද?

සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ම තමන්ගේ සම්පූර්ණ ඉදිරි අනාගතය මෙම මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මත රඳා පැවැත්වීමට සිදු වන්නේ නම්, එහි අඩංගුවන කරුණු සහ කොන්දේසි පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීම ඒ අයගේ අයිතියක් නොවේ ද? ඒ තුළින් ඉදිරියේදී නමන්ට වෙන්න යන්නේ කුමක්ද කියා දැනගන්නට අවශ්‍ය නේද? රටක් වශයෙන්, ඒ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට අනාගතයේදී ලබාදෙන්න සිදුවන්නේ මොනවාද? අනාගතයේ දී කරන්නට සිදුවෙන කැපකිරීම් කුමන ඒවා ද?

පාරදෘශ්‍ය භාවය සහ යහපාලන සිද්ධාන්ත අනුව මෙම ගිවිසුම තුළ තිබෙන කරුණු සහ කොන්දේසි පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ වගකීමකි. එසේ කළහොත් පමණක් දේශපාලනඥයින්, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාවට මේ ගිවිසුමේ ඇති කරුණු සහ කොන්දේසි පිළිබඳව දැනුමක් ලබා ගෙන, ඒ ආශ්‍රිතව පුළුල් විග්‍රහයක් කිරීමට හැකි වන්නේය.

වහාම එසේ නොකරමින්, මෙම ගිවිසුම එළඹුණායින් පසුව ඒ පිළිබඳව දැනුවත් වීමෙන්, කිසිදු ඵලක් නැති බව අප තේරුම් ගත යුතුය. එසේ වුවහොත්, එම ගිවිසුමෙන් සිදුවිය හැකි අයහපත් විපාක ඒ වනවිටත් සිදු වන්නට ඉඩ ඇති නිසා, එසේ ප්‍රමාද කිරීමෙන් කිසිදු පලක් නොලැබෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan