රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නද අපේ සහයෝගය ඉල්ලන්නෙ ? – සජිත්

Date:

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදු කළේ කුමන පදනමකින්දැයි යන්න ආණ්ඩුව රටට පැහැදිලි කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුව රාජ්‍ය ම්ලෙච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින්, අන්තනෝමතික ලෙස පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටින බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

ඊයේ කොළඹදී පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

සර්වපාක්ෂික වැඩපිළිවෙලකට සහයෝගය ඉල්ලා සිටින අතරේ ඊට විපක්ෂය සූදානම්ව සිටින අතරේ ආණ්ඩුව මේ අන්දමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තනෝමතික ක්‍රියාවලිවල යෙදෙන විට තමත් සහයෝගය ලබාදෙන්නේ ලබා දෙන්නේ කෙසේදැයි විපක්ෂ නායකයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පියවර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...