නෙළුම් කුළුනේ සිට කොළඹ අහස යට නරඹන්න සැප්තැම්බර් 15 සිට අවස්ථාව – ටිකට් මිල 500, 2000

Date:

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුනේ මෙහෙයුම් කටයුතු ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. 15 වැනිදා සිට නෙළුම් කුළුන නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.

මෙහෙයුම් කටයුතු නෙළුම් කුළුන පෞද්ගලික සමාගම හරහා සිදුවන අතර මහා භාණ්ඩාගාරය යටතේ මෙම වසර මුලදී මෙම සමාගම ස්ථාපිත කෙරිණි. එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කෙරේ.

නෙළුම් කුළුන නැරඹීමට පැමිණෙන ජනතාවට තරු පන්තියේ අවන්හල් අත්දැකීමක් අත්විඳීමට හැකියාව ලැබෙන අතර සමරු වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේ වනවිටත් එහි ස්ථාපිත කර තිබෙනවා. මීට අමතරව ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක්ද බිම් මහලේ සිට සිය ගනුදෙනු ආරම්භ කරනු ඇත.

ජපන් තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම කුළුන මෙරට වේගවත්ම විදුලි සෝපාන 03 කින් සමන්විත වේ.

ඩිජිටල් සිනමා ශාලාවකින් හා ආසන 400 කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවකින්ද සමන්විත නෙළුම් කුළුනේ ඉහළ නැරඹුම් මැදිරියේදී ‘කොළඹ අහස යට’ නවමු අත්දැකීමක් විඳගැනීමට සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.

ඇතුළුවීමේ ප්‍රවේශ පත් රුපියල් 500 කට හා රුපියල් 2000 කට මිල නියම කර ඇති අතර රුපියල් 500 ටිකට් පතක් ලබා ගන්නා අයට එක්වරක් කුළුනේ ඉහළට ගමන් කළ හැකිය. රුපියල් 2000 ටිකට් පතක් ගන්නේ නම් පෝලිම්වල රැඳී නොසිට පරිශ්‍රයට ඇතුළු විය හැකි අතර අවස්ථා කිහිපයක් වුවද ඉහළට ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.

විදේශ සංචාරකයන් සඳහා ඇමරිකානු ඩොලර් 20 කට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...