IMF සමග එකඟතාවයකට පැමිණෙයි – නිළ නිවේදනය හෙට

Date:

හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකා බළධාරීන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මූලික එකඟතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ පිළිබඳ නිළ නිවේදනය හෙට දිනයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කරනු ඇති බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.

ඉතිහාසයේ දැවැන්තම අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩඒම සඳහා මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කළ අතර ඊට අදාලව කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා මීට මාස කිහිපයකට පෙරදී ආරම්භ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දෙවැනි වරටත් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එම කණ්ඩායම ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සමග මෙන්ම විපක්ෂ නායකයා සමගද සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අද (31) දිනයේදී දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇතිව තිබෙනවා.

මෙම එකඟතාවය පිළිබඳ වාර්තා වී පැය කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් කොළඹ කොටස් වෙළඳපොලෙහි කොටස් අගය 2.6% කින් ඉහළ ගොස් තිබේ. එය පසුගිය 12 වැනිදායින් පසුව කොළඹ කොටස් වෙළඳපොල තුළ වාර්තා වූ හොඳම සැසිය ලෙසද සැළකේ. 2022 වසර තුළ මෙතෙක් සාර්ථකම මාසය බවට අගෝස්තු මාසය පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...