ඇතිවෙන්න ඩොලර් එවන අයට විද්‍යුත් වාහන ගේන බලපත්‍රයක් – චක්‍රලේඛයත් නිකුත් වෙයි

Date:

විදෙස් රටවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට නීත්‍යනුකූලව එවන ඩොලර් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා, විදුලි බලයෙන් ක්‍රියා කරන වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා විය.

ඊට අදාලව බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර, කම්කරු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඇතුළත්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාලව අද (31) චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛයට අනුව මසකට ඇමරිකානු ඩොලර් 3000 – 20,000 අතර ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයන් මෝටර් බයිසිකල් වැනි රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ගෙන්වීම සඳහා වන බලපත්‍රයකට හිමිකම් කියයි. මසකට ඩොලර් 20,000 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයෙකුට මෝටර් රථ, ඩබල් කැබ්, වෑන්, ටිපර් වැනි රෝද හතරක් සහිත වාහනයක් ආනයනය කිරීමට අදාල බලපත්‍රයකට හිමිකම් කීමට අවස්ථාව හිමි වේ.

මෙම වසරේ මැයි මස 01 වැනිදා සිට ඉදිරියට මාසිකව මෙරටට ඩොලර් එවන විදේශගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් මේ සඳහා සුදුසුකම් ලබයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...