සටහන – රුවන් නෙළුගොල්ල
අද (අගෝස්තු 31) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දෘශ්ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ඒ අනුව, අද (31) දහවල් 12:10 ට නෙරියකුලම, පුනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංහපුර යන ප්රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.


