රවී කරුණානායක අද(31) අල්ලස් කොමිසම හමුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

මෙම පරීක්ෂණය සිදුවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් පිරිසක් රජයේ වැටුප් මත සිය දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික හේතූන් මත ඔහු කොමිසම හමුවට පැමිණීම මඟ හැර තිබූ අතර, ඒ හේතුවෙන් පසුගියදා නිලධාරීන් ඔහුගේ නිවස වෙත පවා ගොස් තිබුණි.

කෙසේ වෙතත්, නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව ලැබුණු නව දිනය අනුව මන්ත්‍රීවරයා මෙම විමර්ශනයට සහාය දැක්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...