සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට වෙනුවෙන්අගමැතිනිය භූතානයට!

කොළඹ LNW:සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය.

සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතය.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යතුමිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වෙමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...