දීර්ඝ සති අන්ත නිවාඩුවේ අධිවේගයේ ආදායම මිලියන 355 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය 25 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ගයේ වාර්තාගත ආදායමක් උපයා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ එම කාලය තුළ අධිවේගී මාර්ගවල අදායම රුපියල් මිලියන 355.84ක් බවයි.

එම කාලය තුළ අධිවේගී මාර්ගවල වාහන නව ලක්ෂ පහළොස්දහස් හත්සිය තිස් පහක් ගමන් කර ඇති බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඒ අනුව එම දින පහක කාලය තුළ දිනකට රු.කෝටි 6කට අසන්න මුදලක් ඉපයීමට හැකිව තිබේ.

මෙවැනි වාර්තා ගත අදායමක් ලබන්නේ උත්සව නිවාඩු සමයන්හිදී වුවද මෙවර සති අන්තයත් සමඟ දින පහක පමණ කාලයක නිවාඩු කාලයක් පැවති මෙලෙස ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...