ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ, ශ්රී ලංකා එක් දින හා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම්වල ක්රිකට් ක්රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව අද (31) දිනයේ ප්රකාශයට පත් කරමිනි.
කෙසේවෙතත් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉදිරියේදී මේ කරුණ සම්බන්ධයෙන් ගනු ලබන තීරණවලට අගයක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බවත් විනිසුරු මඬුල්ල සඳහන් කළේය.


