නේපාල ඛේදවාචකය: මරණ 900 ඉක්මවයි තවත් 4200කට වැඩි පිරිසක් අතුරුදහන්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: පසුගියදා නේපාලයේ ඇති වූ අනපේක්ෂිත ගංවතුර හා මඩ නාය යෑමේ අපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 900 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට මරණ 903ක් සිදුව ඇති බවයි නේපාල වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම අතුරුදහන් වූ ගණන 4,247 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඊයේ දිනය වන විට අතුරුදහන් වූ ගණන 2,502ක් ව තිබුණු අතර අද දවන වන විට එම ගණන සීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

අතුරුදහන් වූවන්ගෙන් 3,655 ක් නේපාල පුරවැසියන් වන අතර විදේශිකයන් 592 ක් සිටින බව දැක්වෙයි.

ටිබෙටයේ නිල මරණ සංඛ්‍යාව 16 ක් වන අතර 546 දෙනෙකු අතුරුදහන් වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදහන් වූවන්ගෙන් සිය ගණනක් නේපාලයේ ජල විදුලි බලාගාරවල සේවකයින් යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගෙන් සමහරක් උමං මාර්ගවල සේවය කළ අය වූහ.

නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවිය.

දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙන අතර ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...