සමෘද්ධි බැංකු පද්ධතිය ගැන රජයේ අලුත්ම තීන්දුව!

කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය මෙරට ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත් අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව තුළ පවතින “යැපුම් මානසිකත්වයෙන්” ඔවුන් මුදවා ගැනීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභියෝගයක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන් කඩිනම් කිරීම සඳහා “ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 21,000කට ආසන්න සේවක පිරිසක් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

එහි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 28 වැනිදා නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ග්‍රාමීය මට්ටමින් ජනතාව සතු කුසලතා, දක්ෂතා සහ විභවතාවන් හඳුනාගෙන ඒවා වෘත්තීය මට්ටමට ඔප්නැංවීම මෙන්ම ප්‍රතිලාභීන් රාජ්‍ය ආයතන, බැංකු පද්ධතිය සහ අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රධාන වගකීම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් සතු බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම මූල්‍ය හා මානව සම්පත් උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය මෙරට ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, අමාත්‍යාංශ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...