අගවිනිසුරුවරයාට එරෙහි චෝදනා ගැන මන්ත්‍රී දයාසිරි කථානායකට ලියයි!

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (31) ලිපියක් යොමුකර තිබේ.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ කථානායකවරයාගෙන් විමසමිනි.

ඒ අනුව, අගවිනිසුරුතුමාගේ පුත්‍රයා ලෙස සඳහන් වන දිමුතු සූරසේන මහතා සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ රුපියල් මිලියන 185ක් පමණ වටිනා මහල් නිවාසයක් ලබාගැනීම හෝ හිමිකරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ කරුණු,

එම දේපළ අත්පත් කරගැනීමේ ස්වභාවය, මූලාශය සහ අදාළ වත්කම් ප්‍රකාශ සමඟ එහි ඇති සම්බන්ධතාව පිළිබඳ මතු කර ඇති ප්‍රශ්න,

X-Press Pearl නඩුව හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගවිනිසුරුතුමාගේ කාර්යභාරය, අධිකරණ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය හෝ ප්‍රමාදය පිළිබඳ මතුකර ඇති කරුණු ඇතුළත් වේ.

ඒ අනුව ඔබතුමාගෙන් පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඉහත සඳහන් චෝදනා හෝ ඒ හා සමාන කරුණු සම්බන්ධයෙන් කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු විසින් පාර්ලිමේන්තුවට හෝ ඔබතුමාට කරුණු ඉදිරිපත් කර හෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි හෝ ලේඛන සභාගත කර තිබේද?

එසේ ඉදිරිපත් වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ඔබතුමා විසින් මේ වන විට කිසියම් මූලික පරීක්ෂණයක්, විමසීමක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන්, ඒවා සත්‍යද, අසත්‍යද යන්න තහවුරු කරගැනීම සඳහා අදාළ නීතිමය බලය ඇති ස්වාධීන ආයතන වෙත කරුණු යොමු කර තිබේද?

X- Press Pearl නඩුව හා ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතු කර ඇති කරුණු පිළිබඳව රජයේ අදාළ ආයතනවලින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසියම් නිල පැහැදිලි කිරීමක් ලබාගෙන තිබේද?

යන කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් විමසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...