ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරයට එක්වේ.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) වීදි සංචාරයට එක්විය.

දින පහක් කුඹල් ද දින පහක් රන්දෝලි ද වශයෙන් ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කළ අතර අවසන් දිනයේ සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණූ කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහරාජා ඇතු සහ කැලණි රජමහ විහාරයේ කණ්ඩුල ඇතු දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්වූ අතර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල බස්නායක නිලමේවරුන් ද පෙරහැර ගමනට එක්විය.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය ද පෙරහැර නැරඹීම සඳහා එක්විය.

අවසන් රන්දෝලි පෙරහැරින් පසුව ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදුණු සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කළ අතර පසුව සිව් මහ දේවාල සහභාගීත්වයෙන් දිය කැපීමේ චාරිත්‍රය සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍ය නිමාවට පත් වේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සඳහන් සංදේශය ජනාධිපතිවරයා වෙත භාර දීම එදින පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...