CT ස්කෑන් යන්ත්‍ර කැඩිලා ලෙඩුන් අසරණයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති  චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ ,කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති  චානක ධර්මවික්‍රම මහතා,

“ඊයේ දවසසේදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් අපි දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදුකර යන්ත්‍රයයි බිඳවැටීම සිද්ධ වුණේ. වැඩිම පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකරන්නේ එම යන්ත්‍රයෙන්. දැන් ලංකාවේ මේ වනවිය CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තාම බිඳවැටුණු තත්ත්වයේ තිබෙන්නේ. එම රෝහල්වල යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් රෝගීන් ප්‍රවාහානයට සහ පෞද්ගලික අංශයෙන් CT පරීක්ෂණ කර ගැනීම සඳහා අපිට ඊට වැඩිය වැඩි මුදලක් වැය කරන්න සිද්ධවෙනවා මෙම පරික්ෂණවලදී.”

යනුවෙන් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...