*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

අද ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම තරග බිමේ

අද ශ්‍රි ලංකා කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් දෙකටම වැඩ ඇති දවසකි.පිරිමි කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේදී බංගලාදේශය හමුවන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගඛයේදී ය.ඒ 2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය වන්නේය.ආබාධ නිසා ක්‍රීඩකයින් ගණනාවක් කණ්ඩායමෙන් බැහැරට තල්ලු වී තිබියදීත් එක්දින තරගවල ආසන්න ඉතිහාසයේ සිටි සිශේෂිතම ක්‍රීඩකයෙක් වූ චාමික කරුණාරත්න ද කණ්ඩායම තේරීමේදීවත් සළකා නොබලා මෙම තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ දක්ෂතා සම්බන්ධ අර්බූදයකය.
ඒ සම්බන්ධයෙන් දසුන් ශානකට ඇති ප්‍රකාශය එවැනි වේලාවක තම කණ්ඩායම හොඳටම කර බව කීමය.හොඳටම කරන්නට හොඳම තේරීමෙන් පසුව හොඳම කණ්ඩායම ලැබීම නිසා ඇති වූ තත්ත්වය දසුන් පහදා දුන්නත් ගැටළුව අන්න ඒ තත්ත්වය චාමික නෙරපීමේදී අහෝසි වී තිබීමය.

කෙසේ හෝ මෙවර තරගාවලිය සඳහා පිවිසෙමින් තරගාවලිය ආරම්භ කරන ශ්‍රි ලංකා කණ්ඩායමට ශකීබ් අල් හසන් ගේ බංගලාදේශ කණ්ඩායම සමඟ හොද තරගයක් ලබා දෙන්නට පල්ලෙකැලේ දී හ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වී තිබෙන ජයග්‍රාහී ඉතිහාසයත් සමඟ විශාල දෙයක් කරන්නට හැකිවනු ඇත.
එංගලන්තයේදී අද ඇරඹෙන විස්සයි විස්ස තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ වෙනදාට වඩා යහපත් මානසික මට්ටමකින්ය.ඔවුන් නවසීලන්තයට එරෙහිව දක්වන ලද දස්කම් මෙන්ම ඒ සියලු කාරණා සැළකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් වෘත්තිමය මට්ටමෙන් යම් ඉහළ පිළිගැනීමක් ඇති වන ආකාරයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සැළකීමත් මේ තත්ත්වයට හේතු වන්නේය.

එංගලන්ත නායිකා හේදර් නයිට් මේ තරගාවලියේදී මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ක්‍රීඩා කර ඇති මහිකා ගෝර් ගැන කියන විශ්වසනීය කතාවන් ගැන සිතන විට 17 හැවිරිදි ඇයට මේ තරගාවලියේදී බොහෝ විට රටවල් දෙකක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමි විය හැකි බව සිතිය හැකිය.මිහිකා ගෝර්ගේ මේ ප්‍රවේශය සමඟම ශ්‍රී ලංකාවේද අවධානය යොමු විය යුතු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන්නේය.ඇය ද තවමත් විසි හැවිරිදි වියේ පසුවන්නියකි.නමින් කවීශා එගොඩගේ වන ඇය ඉදිරි ක්‍රීඩා සමාජ තරගාවලියේ දී හෝ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩා සමාජ කණ්ඩායමකට කැඳවා හෝ පරික්ෂාවට ලක් කර බැලිය හැකිනම් විශේසයෙන් පිතිකාරිණියක ලෙස සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස කණ්ඩායම කැඳවා ගැනීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් තරගයට ඉහළට පහළට අදින පිතිකරු නාම ලේඛණය මේ තරගාවලියේදී යම් ස්ථාවර මට්ටමකින් රඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වටිනු ඇත.එසේම තරගාවලිය පුරා යම් විහ්වාසයක් ඇතිව ක්‍රීඩා කරන මට්ටමට කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට සිය ස්තානයේ ස්ථාවර බවක් දැනෙනාකාරයට තේරීම ද වැදගත් වනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan