ශ්‍රී ලංකාව ආදර්ශයක් – Marc–Andre Franche

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc–Andre Franche මහතා පවසයි.

තවද, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල් 20 ක පමණ අතරින් කඩිනමින් යළි යථා තත්වයට පත් වූ රට වශයෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් බවට පත් කර යුතු බවත් Marc–Andre Franche මහතා පවසනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධිකාරක Marc–Andre Franche මහතා අතර හමුවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව නීති හදුන්වා දෙමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග, නව ත්‍රස්ත විරෝධි පනත ගෙන ඒම, දුෂණ විරෝධි පනත, මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ගෙන ඇති පියවර, ජාතීන් අතර සාමය සංහිදියාව ඇති කිරීම සදහා ගෙන යන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබදව මෙහිදි අවධානය යොමු වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...