සාඕ පවුලෝ හි හද කම්පා කල ඝාතණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තම නව හැවිරිදි දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා ශීතකරණයක් තුළ දැමීමේ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ හි පිහිටි ඇගේ නිවසේ ශීතකරණයක් තුළ තිබීයදී පොලිසිය විසින් සොයා ගත් බවත්,

එම දැරියගේ මව යැයි කියන 30 හැවිරිදි Ruth Floriano නමැති මෙම කාන්තාව අගෝස්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වා අතර, පසුගිය අගෝස්තු 8 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කර දැරිය ඝාතනය කළ බවයි Ruth Floriano නමැති මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇයගේ අනෙක් දරුවන් දෙදෙනා ළමා ආරක්‍ෂිත මධ්‍යස්ථානයක භාරයට පත් කර තිබෙන අතර Ruth Floriano තම දියණිය වන ඇලනි සිල්වාගේ සිරුරේ කොටස් කපා දැමීමට පහසු ක්‍රමයක් සොයා ගැනීමට අන්තර්ජාලය ගවේෂණය කළ බවද බ්‍රසීල සිවිල් පොලිසියට පවසා ඇති බවයි.

දියණියට තම පියාගෙන් වෙන්වීම පිළිගැනීමට නොහැකි වූ නිසා Ruth Floriano මෙම ඝාතනය සිදු කළ බවද පොලිසියට පවසා තිබෙන බවයි තොරතුරු වාර්ත වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...