‘රූට්’මය ආක්‍රමණය යළිත්…

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 01, (LNW) කොළඹ :

එංගලන්ත දෙවන ඉණිම මත ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නොසිතූ පීඩනයක් ඇති කළහ.එහෙත් එය ජෝ රූට් ට පමණක් අදාළ නොවීය.දෙවන ඉණිමේ දී ද පිතිකරුවෙකු සත වගකීම සහ අදාළ වෘත්තීය නිපුණත්වය පැහැදිළි කරමින් රූට් අපූරු ශතකයක් එකතු කළේය.ලකුණු 36 ට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී පිටියට පිිවිසි රූට් ඉණිමේ අවසාන කඩුල්ල ලෙස ලකුණු පූවරුව 251 ක් ව තිබියදී දැවී යන විට ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබූ ලකුණු ප්‍රමාණය 103 ක් විය.අර්ධ ශතකයක් හෝ ඉක්මවා ගිය එකම එක සබදතාවයක සහය පමණක් රූට් හිමි විය.ඒ ලකුණු 37 ක් ලැබූ හැරී බෘක් සහ රූට් සිව්වන කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 58 ක සබඳතාවය විය.

ආක්‍රමණයට එරෙහිව ප්‍රති ආක්‍රමණයක් සහිත හැඩයකින් යුතු පිතිකරණ රටාවක් දියත් කළ රූට් සිය ලකුණු 103 කරා පිවිසුණේ පන්දු 121 ක් වැනි පන්දු ප්‍රමාණයක් වැය කරමින්ය.විශේෂයෙන් පළමු ඉණිමට වඩා වගකීමකින් පන්දු යැවූ ලහිරු කුමාර තණතීරුවේ වේගයෙන් යම් ප්‍රයෝජනයක් ගැනීමට සමත් විණි.ඔහු ලකුණු 53 ට කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 52 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.මිලාන් රත්නායක ලකුණු 36 ට කඩුලු 2 ක් දවා ගත් අතර ප්‍රභාත් ජයසූරිය පන්දු ඕවර් 20 ක් තුළ ලකුණු 105 ක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තේය.පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිශාන් මධුශ්ක ලකුණු 14 ට සහ පැකුම් නිශ්ශංක ලකුණු 13 ට දැවී ගොස් අවසන්ය.

දිමුත් කරුණාරත්න මේ වන නොදැවී ලබා සිටින ලකුණු තත්ත්වය ලකුණු 23 කි.ගොම්මන් පිතිකරු ලෙස පැමිණ පන්දු 23 දී සිය කඩුල්ලට හානියක් නොවන්නට පිත්ත හසුරුවන ප්‍රභාත් ජයසූරියගේ මේ මොහොත වන විට දායකත්වය ලකුණු 3 ක් පමණි.එංගලන්තය අබිබවා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 430 ක් අවශ්‍යය වන අතර තවමත් ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ ලකුණු ඇත්තේ 53 කි.පහතින් ලකුණු සටහනට පිවිසෙන්න. https://es.pn/3Z4j1GT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...