*
Friday, December 13, 2024
spot_img

Latest Posts

කිසිදු අපේක්ෂකයකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් මෙන්න විසඳුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇති බව සඳහන් වේ.

දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව පළමු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා නිලධාරීන් සූදානම්කර තබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. මේ අනුව, එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යොමුකර තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා නිලධාරීන් හතරක් හෝ පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සූදානම්කර තැබීමට තේරීම්භාර නිලධාරීන් කටයුතු යොදා ඇත.

බොහෝ ඡන්දදායකයන් ජනාධිපතිවරණයේදී මනාපය සලකුණු කිරීම සිදු කිරීමේ සම්භාවිතාව ඉතා අඩු බවත්, ඡන්දය පමණක් අපේක්ෂකයකුට ප්‍රකාශ කිරීමේ අවස්ථාව වැඩි බවද ඔවුහු අනුමාන කරති.

මේ අතර ජනාධිපතිවරණයේදී දින තුනක රාජකාරි කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් සහ නිලධාරීන් 15,000 ක් යොදවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති අතර , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ , දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් අවසන් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමේ කාලය නිශ්චිතව කිව නොහැකි බවය.

එමෙන්ම, සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් පළමු ප්‍රතිඵලයට අදාළ ගණන් කිරීමේ වාර්තා ලැබුණු පසුව, සියයට 50 ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂකයකු ලබාගෙන නොසිටියේ නම් යළි දෙවන මනාපය ගණන් කරන ලෙස ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට කොමිසමෙන් දැනුම්දෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan