චමිඳු තුන් ඉරියව් හැකියාව දකුණු අප්‍රිකාවේදීත් සහතික කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 01, (LNW) කොළඹ :

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව ලකුණු 93 ක පහසු ජයක් අත් කර ගත්,ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු එක්දින තරගයේ දී,ශ්‍රී ලංකාවේ අලුත් තුන් ඉරියව් බලාපොරොත්තුව වූ චමිඳු වික්‍රමසිංහට, ශ්‍රී ලංකා ඉණිමේ අවසන් භාගය වර්ණවත් කරමින්, ලකුණු 55 ක් ලබා ගන්නට වැය වුණේ පන්දු 39 ක් පමණයි.හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වූ එම ඉණිම මෙන්ම ඔහුගේ තුන් ඉරියව් අනන්‍යතාවය සහතික කළ චමිඳු පන්දු යැවීමේ දී පන්දු ඕවර් 4 ක් යවමින් ලකුණු 12 ට එක් කඩුල්ලක් ලබා ගන්නටත් සමත් වුණා.

එසේම දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතරින් ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 205 සඳහා ඉහළම දායකත්වය ලබා දුන් නායක ටෝනි ඩී ෂෝර්ෂි චැවී ගියේ චමිඳු වික්‍රමසිංහගේ පන්දු රැකීම ඉදිරියේ ලකුණු 53 ක් ලබා සිටියදීයි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් ඉහළම දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු ලකණු 97 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ඉණිමක් ක්‍රියාත්මක කළා.පන්දු 101 දී ළඟා වූ එම ඉණිමට හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.


කමිල් මිශාර ආරම්භක පිතිකරුගේ භූමිකාවට පන පොවමින් ලකුණු 71 ලබා ගත්තේ පන්දු 75 ක් තුළයි.හතරේ පහර 9 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ එම ඉණිම හරහා මෙන්ම,කමිල්,නුවනිඳු සමඟ දෙවන කඩුල්ලට ලකුණු 101 සබඳතාවයක් ගොඩ නඟන්නට ද දායක වුණා.


ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 3 ක් ම දවා ගැනීමට ට්‍රීස්ටන් ලූස් සමත් වුණත්,ඔහුගෙන් පන්දු ඕවර් 10 තුළ ලකුණු 72 ක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුණා.ඇන්ඩිලේ පෙලෙක්වායෝ කැපී පෙණුනම දකුණු අප්‍රිකානු පන්දු යවන්නා වූ අතර ඔහු පන්දු ඕවර් 10 ලකුණු 38 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා පන්දු යවනන්න් අතරින් දුෂාන් හේමන්ත ලකුණු 34 ට කඩුලු 3 ක් සහ වනුජ සහන් ලකුණු 41 ට කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙණුනා.පහත සබැදියෙන් ලකුණු පූවරුවට පිවිසිය හැකියි. https://es.pn/4cOdGq4

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...