චෙක් රත්තරන් කළ ඇන්ගෝලා – රුසියා සුසංයෝගය

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 01, (LNW) කොළඹ :

මෙවර අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී මිටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි වුණේ චොකොස්ලොවේකියාවේ ග්ලෝරියා මැනුවෙල් ට ය.ලෝකය එක යායක් වි ඇති බව සනාත කරන ග්ලෝරියා චෙක් වැසියෙකු වුව ද,ඇයගේ පිය පාර්ශවයේ මුල් රැදී ඇත්තේ ඇන්ගෝලාවේය.මව රුසියානු කාන්තාවක්ය.පියාගේ රුසියානු අධ්‍යාපන සමයේ ඇතිවන ආදරයකින් පසුව විවාහපත් වන ඔවුන්ගේ චෙක් ජනරජයේ මුල් පදිංචිය සිඳුවන්නේ අගනුවර වන ප්‍රාග්වලට වඩා කිලෝ මීටර් 90 ක් පමණ දුරින් පිහිටි ජනගහනය 35000 ක් වත් නොවූ ටබෝර් නම් කුඩා නගරයකය.
පියා හෝ මවට මලල ක්‍රීඩා දස්කමක් නොවුණත් කුඩා කාලයේ සිටම සිය දියණියගේ වේගවත් හැසිරීම් හඳුනාගන්නා ඔවුන් ඇය ධාවන පථය දෙසට යොමු කරන්නේය.එතැන් සිට කෙමෙන් වැඩෙන ඇයගේ හැකියාව අවුරුදු 19 වෙද්දී මීටර් 400 ඉසව්වේ අවුරුදු 20 න් පහළ ලෝක සූරිය වන්නට පමණක් නොව මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 400 අවසාන පූර්ව තරගයක් නියෝජනයට පවා සුදුසුකම් ලද එකකි.


ඇයගේ දක්ෂතාවය සමඟම මේ දක්ෂතාවය සම්බන්ධයෙන් ඇති ජානමය සාධකද සැළකිල්ලට ගැනීම වැදගත්ය.එක ජාතියක ලේ උරා බොන්නට මරා දමන්නට තරම් සැහැසි සිත් ඇති මිනිසුන් ලොව කොතෙක් වුව ද,විද්‍යාත්මක ඥාණයෙන් ලතෙත් කළ හදවත්, ඇත්ත දැන ජාතින් දෙකක එකතුවක පලයක් නිතරම අමතර ශක්තීන් සහ කුසලතාවන් සහිත බව පිළිගන්නේය.වඩාත් ශක්තිමත්,පලදායි හැකියාවන් සහිත දරුවන් මේ ලෝකය වෙනුවෙන් බිහි කරන්නටත්,ක්‍රීඩා පිටියෙන් එන මෙවැනි කතාවල,ආදරයේ සම්ප්‍රදායික සීමා බිඳ හිතන්නට දෙන විද්‍යාත්මක බලපෑම ද ග්ලෝරියාගේ පවුල් පසුබිම හරහා අවධානය යොමු කළ යුතු අපූරු කතාවකි.
හෙට අවුරුදු 20 න් පහළ සීමාවේ නොරැදී ග්ලෝරියා ලෝකය ආක්‍රමණය කරන්නට පටන් ගනු සැක නැත.මේ වන විටත් යුරෝපීය මලල ක්‍රීඩාවේ කෙටි දුර ධාවන සූරියක ලෙස ඇය කැපී පෙනෙන්නියක වී අවසන්ය.අදට වඩා ඇයගේ දස්කම් ඉහළ යන හෙට දී ඒ දස්කම් ගැන මෙන්ම,ඇයගේ මවගේ සහ පියාගේ විවාහයත් සමඟ ආදරය හංගාගෙන ආදරවන්තයන් වීමේ උවමනාව විවිධ ජාතිමය පටු සීමාවන් හී සිරකරගෙන සිටින අයට දැන ගන්නට කියන්නට ද අවශ්‍යය වන්නේය.


ග්ලොරියා දිනන හැටි කියන්නට පාර පෙන්නන්නීය.ඇය දිනන වාරයක් පාසා ප්‍රේමයේ ස්වභාවය ගැන පටු සීමාවන් ඉක්මවා ලෝකය දිනිය යුතු මාවත ගැන ද සිතන්නට විද්‍යාත්මක පිවිසුමක ඉඩ පුළුල් කරන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...