සජිත්ට සහාය දීම ගැන මම දන්නේ නෑ – ITAK නායක කියයි

Date:

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නැතැයි, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් තීරණයක් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මන්ත්‍රීවරයා එසේ කියා සිටියද එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සන්ධාන කරන්නේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.

මෙම තීරණය ඉන්දියාවේ බලපෑම මත ගත් තීරණයක් බව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය වන සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා X පණිවුඩයක් තබා නැවත එය ඉවත් කරගැනීමටද කටයුතු කරගෙන තිබුනා.

Newshub

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...