දේශීය ආදායම්,සුරාබදු හා රේගුව වාර්තාගත ආදායමක් රැස්කරයි. අයවැය පරතරයත් අඩුවෙයි!

Date:

කොළඹ LNW:මේ වසරේ මුල් මාස හත තුළ අයවැය පරතරය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 36.3% කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කරයි.

2024 වසරේ මුල් මාස හත තුළ අයවැය පරතරය රුපියල් බිලියන 872.6 ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය මේ වසරේ දී රුපියල් බිලියන 556.1 දක්වා පහත වැටී තිබේ.

2025 වසර සදහා සම්පූර්ණ අයවැය පරතරය රුපියල් ට්‍රිලියන 2.2 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

වසරේ මුල් මාස හත තුළ රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.29 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේදී 8.5% ක වර්ධනයකි. සම්පූර්ණ වසර සදහා රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 7.2 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ වසරේ මුල් මාස හතට අදාලව ගත් විට රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 2.7 වන අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී 26.6% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුල් මාස හත තුළ සිය ආදායම 53% කින් ද, සුරාබදු දෙපාර්තමේන්තුව 52% කින් ද රේගුව 57% කින් ද සිය ආදායම ඉහළ නංවා ගැනීමද විශේෂත්වයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...