සජබෙට වෙලා තියෙන දේ දැක්කම මාව උඩ ඉන්න දෙවියෙක් බේරාගත්තා – ෆීල්ඩ් මාෂල්

Date:

කොළඹ LNW: මේ වන විට සමඟි ජන බලවේගයට සිදුව ඇති දේ දුටු විට තමන්ව උඩ ඉන්න දෙවියෙක් බේරා ගෙන ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ නොවුණා අද තමන්ටත් සිදුවන්නේ විවිධ කාරණා මත මාංචු වැටුණු අය වෙනුවෙන් පාරවල්වල හිටගෙන ඔවුන් වෙනුවෙන් වොයිස් කට් දීමට බව ඔහු සඳහන් කරයි.

”ප්‍රබල දේශපාලන පක්ෂවලින් මම ගැලවෙනකොට හුඟක් අය හිතුවා මම දේශපාලන අනාථයෙක්. මම එම දේශපාලනය තේරුම් ගන්න බැරුව කරන වැඩක් තමයි කියල. අද සජබේ හිටියනම් මම දෙවෙනියා හැටියට ඉන්නේ. ඒ විපක්ෂයට අත්වෙලා තියෙන ඉරණම,මේ වෙලාවේ ඒගොල්ලෝ කරන දේවල දකිනකොට මට හිතෙනවා මේ රට ආරක්ෂා කරන දෙවියෙක් හරි කවුරුහරි, මම ව්ශ්වාස කරනවා උඩ ඉන්න කවුරුහරි මව බේරාගත්තා කියල. එහෙම ඇදල දාපු නිසා තමයි අද මට මෙතන කකුල් දෙකෙන් හිටගෙන හිතට එකඟව ජනතාවගේ මුණූ බලාගෙන කතාකරන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් මමත් මේ දවස්වල උසාවි ගානේ ගිහින් උද්ඝෝෂණ කර කර ඉන්න ඕනේ. එහෙම නැත්නම් එක එක දේවල්වලට අහුවෙලා මාංචු දාගන්න වුණ අය යන යන තැන්වල ගිහින් හිටගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ වෙනුවෙන් වොයිස් කට් දෙන්න ඕනේ. දැන් මට එහෙම කරුමයක් නෑ. මම හිතට එකඟව රට ගැන හිතල, ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරනවා. විවෘත මනසකින් ඉදිරිය ගැන හොඳ අවබෝධයක් ඇතුව මම මේ වෙලාවේ දේශපාලනය කරනවා.” යනුවෙන් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...