IMF හා කියූ සැණින් එතෙර වීමක් නැහැ.ණය කේවල් කරගන්න හොඳ අවස්ථාවක් !(VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට නියෝජිතයින් අතර පැවති මාණ්ඩලික සාකච්ජාවලදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය ආධාර ලබාදීමට ඇති කර ගෙන තිබෙන එකඟතාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් කරගත යුතු අතර මෙය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හොද අවස්ථාවක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා අද(01)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම මාණ්ඩලික එකඟතාව මඟින් සෙසු රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගැනීමේ හැකියාව පවතින බවයි ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

මේ වන විටත් ශ්‍රී ලංකාව 16වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇත්ත සාර්ථක කරගෙන ඇත්තේ අවස්ථා හයක ව්‍යාපෘති වන හෙයින් මෙවර එහි සහය ගන්නා අවසන් අවස්ථාව කරගත යුතුවන බව ඔහු අවධාරණය කළේය.

එම ලැබෙන ණය මුදල වසරකට තෙල් ගෙන්වීම සඳහා හෝ ප්‍රමාණවත් නොවුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික එකඟතාව මඟින් හොඳ චරිත සහතිකයක් ලබාගත හැකිබවයි ඔහු කියාසිටියේ.

මෙහිදී IMF එක කරුණු හතක් පමණ අවධානය යොමු කර තිබෙන අතර ලැබී තිබෙන අවස්ථාවෙන් ආර්ථිකය ගොඩනගා ගැනීමට අවස්ථාවක් කරගත යුතු බවද ඔහු පැවසුවා .

ඒ අනුව මහ බැංකුව ස්වාධීන කිරීම,දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම,විදේශ සංචිත ගොඩනගා ගැනීම,මූල්‍ය හා බැංකු පද්ධතිය ස්ථාවර කරගැනීම,දූෂණය නැවත්වීම සඳහා රෙගුලාසි පැනවීම,ආදී ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමුකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානයක් නැති වන අලි ගැටළුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : වන අලි ගැටලුවෙන්...

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? – Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? - Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

අදත්, මිචිගන් හි”හුණු” කොළ එකතු කරන්නෙකුගේ සිට දිවෙන වීදි කලාවේ රහ තැන් කිහිපයක්!

සටහන – පුලී නොවැම්බර් 01, කොළඹ (LNW):  මිචිගන්හි හුණු කොළ...

හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පොප් තරුවක් සමඟ පැටලෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ හිටපු...