*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

නෙළුම් කුළුණ වානිජ මෙහෙයුම් ආරම්භය සැප්තැම්බර් 15 වන දාට

ශ්‍රී ලාංකීය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ස්වයං ආධාරක ව්‍යුහය ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු 2022 සැප්තැම්බර් මස 22 දින ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මාසයේදී එය ජනතා අයිතියිට පත් කිරීමෙන් අනතුරුව නෙළුම් කුළුණ, බහුකාර්‍ය රූපවාහිනී සහ විදුලි සංදේශ කුළුණ ඉදිකිරීමට අපේක්ෂා කරන ලදී.

ඇමරිකානු ඩොලර් මිලියන 113 ක වියදමින් ඉදිකර ඇති නෙළුම් කුළුණ සදහා චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 88.65 ක මුදලක් ලබා දුන් අතර ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් කියා සිටියේ 2024 වන විට මුලුමනින්ම ණය වාරික අවසන් කිරීමට නියමිත බවයි.

මේ වසරේ මාර්තු මස ආරම්භ කරන ලද කොළඹ ලෝටස් ටවර් පෞද්ගලික සමාගමේ සියලුම ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කරනු ලබයි.

කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරි සීමාසහිත මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට දේශීය ආයෝජකයින්ගෙන් සියයට 80 ක් සහ විදේශීය ආයෝජකයින්ගෙන් සියයට 20 ක් නෙළුම් කුළුණේ ආයෝජන අවස්ථා සදහා එක්ව ඇති බව සමරසිංහ මහතා අනාවරණය කළේය.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග මහජනතාවට රු.500 ක් හෝ රු.2000ක් හෝ ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විදිය හැකි අතර විදේශිකයෙකු ඇමරිකානු ඩොලර් 20 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා ඕනෑම අයෙකුට පෝලිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළු වියහැකි අතර,අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය.මේ අතර රු.500 ටිකට් පතකට කුළුණ මුදුනට යාමට අවසර දෙනු ලබන්නේ එක්වරක් පමණි.

ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් කියාසිටියේ ඉදිරියේදී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත පද්ධතියක් හදුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.

කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසන්නේ දැනට ආයෝජන සමාගම් 58 ක් සමග සාකච්ඡා කරමින් ඉන් 22 ක් සමග ගිවිසුම්වලට එළඹීමට කැමැත්ත පළ කරන බවත් මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා විවිධ වැඩසටහන් සදහා ඇණවුම් ලැබී ඇති බවත්‍ ය.

2024 වසරෙන් පසු නෙළුම් කුළුණ සමාගමක් ලෙස ලාභදායිත්වය සහතික කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇති බවත් භාණ්ඩාගාරයට බරක් නොවී සිය මෙහෙයුම් වඩාත් සාර්ථකව සිදුකිරීමට සැලසුම් කර ඇති බවද සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන අයට බිම් මහලේ පබ්,ප්‍රසිද්ධ අවන්හල් හා සිහිවටන සාප්පූ අත්විඳීය හැකි අතර,ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක්ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම පළමු මහල කාර්යාල සදහා වෙන්කිරීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ස්ථාපිත කිරීමට ද අපේක්ෂා කෙරේ.තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත වන අතර විවෘත තට්ටුව විවිධ විනෝදාස්වාද කටයුතු සදහා වෙන්කොට ඇත.

පුද්ගලයන් සහ සමාගම් විසින් කරන ලද ඉල්ලීම් මත නෙළුම් කුළුණේ ඉඩ වර්ග අඩියකට මිල ගණන් යටතේ කුලියට දීමට පියවර ගෙන ඇත.

නෙළුම් කුළුණ ජපන් තාක්ෂණයට අනුකූලව මෙරට ඇති වේගවත්ම සෝපාන තුනකින් ද ඉහළ මහලේ කැරකෙන අවන්හලකින් ද සමන්විත වීම මහජනතාවට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.සැප්තැම්බර් 15 වැනිදා කොළඹ නෙළුම් කුළුණ ක්‍රියාත්මක වීම ආරම්භ වන විට මහජනතාවට මෙම සුවිශේෂී ආකර්ශනීය ස්ථාන අත්විඳීමට අපේක්ෂා කළ හැකිය.

OV

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan