තීරණාත්මක තරගයේ ටොස් එක ශ්‍රී ලංකාවට – හඹායාම තෝරා ගනී

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

මේ වනවිට බී කාණ්ඩයේ තමන් මුහුණ දුන් තරග දෙකම ජය ගනිමින් ඇෆ්ගනිස්ථානය සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින අතර අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට සුපිරි සිව්දෙනාගේ වටයේ දොරටු විවර වනු ඇත.

අවසන් වරට 2018 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර බංග්ලාදේශය අවසන් තරගයට පිවිස ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. පසුගිය වර සිදු වූ අවමානයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාවට කෙසේ හෝ අද තරගය ජයගෙන සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ දරනු ඇත.

පසුගිය වර අහිමි වූ ශූරතාවය දිනා ගැනීම සඳහා ඉදිරි වටයට පිවිසීමේ අරමුණින් බංග්ලාදේශය අද තරගට පිවිසෙනු ඇත.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර ඔහු සඳහන් කළේ ඉතා වැදගත් තරගවලදී ශ්‍රී ලංකාවට හඹායාම වාසිදායක වන බවයි. පසුගිය තරගයට ක්‍රීඩා කළ මතීෂ පතිරණ වෙනුවට මෙම තරගයට අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

බංග්ලාදේශ වෙනස්කම් තුනක් සහිතව තරගයට එක් වේ. පසුගිය තරගයට ක්‍රීඩා කළ අනාමුල් හක්, මොහමඩ් නයීම්, මොහමඩ් සයිෆුඩීන් වෙනුවට ෂබීර් රහ්මන්, මෙහිදි හසන්, එබඩට් හොසේන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...