ආර්ථිකය 8.7% කින් සංකෝචනය වන බවට IMF පුරෝකතනය කරයි

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගැලවීම සඳහා ණය සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය අගෝස්තු 24 වැනිදා මෙරටට පැමිණියේය. මෙරට බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අනුව දෙපාර්ශ්වය මූලික මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙම එකඟතා සම්බන්ධයෙන් දූත මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බවත්, බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්වය මත අවදානම වර්ධනය වී ඇති බවත් මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා සිදුවීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාකම් අඩාල වී ඇති බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්වය ඉදිරියටද බලපානු ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකතනය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස්...