එක වරක් ඔබට මා එපා නම් …. – දයාසිරි ශ්‍රීලනිපයේ අවුල එළියට දායි !

Date:

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂයේ ඉහළ පෙළේ කිහිපදෙනෙකුට වුවමනා වී ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

සමාජ මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා ඔබතුමා ශ්‍රීලනිප මහලේකම් වුණාට පක්ෂයේ වෙන දේවල් දන්නෙ නෑ කියලා ?

“අද නම් දන්නවා. කලින් දැනගෙන හිටියේ නෑ”

ප්‍රශ්නයක් නැද්ද ?

“ප්‍රශ්නයක් නෑ ඉතින්. අද දැනගත්තත් ඇතිනෙ තුන්වෙනිදාට කලින්”

අවදානමක් නැද්ද ?

“නෑ, අවදානම් තියෙනවා නම් ඉතින් ඒවා තීරණය කරන්නෙ විධායක සභාවෙන් නෙ. සභාපතිතුමා අකමැති නම්, විධායක සභාව අකමැති නම් මාව තියාගන්න, මම යන්න සූදානම්”

පක්ෂයේ යටින් තල්ලුවක් තියෙනවාද ඔබතුමාට ?

“යටින් නෙවෙයි, යටින් තල්ලු නෑ. උඩ කට්ටිය තමයි. කීපදෙනෙක් ඉන්නවා. ඒකට බයවෙන්නෙ නෑ. නම් කියන්න බෑ. කීපදෙනෙකුට වුවමනා වෙලා තියෙනවා මාව ඉවත් කරගන්න. මාව ඉවත් කරගත්තාම මේක අරන් ගිහින් යූඑන්පී එකට හේත්තු කරන්න පුළුවන් නෙ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...