එක වරක් ඔබට මා එපා නම් …. – දයාසිරි ශ්‍රීලනිපයේ අවුල එළියට දායි !

Date:

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂයේ ඉහළ පෙළේ කිහිපදෙනෙකුට වුවමනා වී ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

සමාජ මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා ඔබතුමා ශ්‍රීලනිප මහලේකම් වුණාට පක්ෂයේ වෙන දේවල් දන්නෙ නෑ කියලා ?

“අද නම් දන්නවා. කලින් දැනගෙන හිටියේ නෑ”

ප්‍රශ්නයක් නැද්ද ?

“ප්‍රශ්නයක් නෑ ඉතින්. අද දැනගත්තත් ඇතිනෙ තුන්වෙනිදාට කලින්”

අවදානමක් නැද්ද ?

“නෑ, අවදානම් තියෙනවා නම් ඉතින් ඒවා තීරණය කරන්නෙ විධායක සභාවෙන් නෙ. සභාපතිතුමා අකමැති නම්, විධායක සභාව අකමැති නම් මාව තියාගන්න, මම යන්න සූදානම්”

පක්ෂයේ යටින් තල්ලුවක් තියෙනවාද ඔබතුමාට ?

“යටින් නෙවෙයි, යටින් තල්ලු නෑ. උඩ කට්ටිය තමයි. කීපදෙනෙක් ඉන්නවා. ඒකට බයවෙන්නෙ නෑ. නම් කියන්න බෑ. කීපදෙනෙකුට වුවමනා වෙලා තියෙනවා මාව ඉවත් කරගන්න. මාව ඉවත් කරගත්තාම මේක අරන් ගිහින් යූඑන්පී එකට හේත්තු කරන්න පුළුවන් නෙ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...