චීන ජනාධිපතිවරයා දිල්ලි සමුළුව මඟහැරීමට නියමිතයි ?

Date:

ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 නායක සමුළුව චීන ජනාධිපතිවරයා මඟ හැරීමට සුදානම් බවත් ඒ වෙනුවෙන් අගමැති Li Qiang සම්බන්ධ කිරීමට සුදානම් බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වා තිබුණේ, චීනය හා ඉන්දියාව අතර ඇතිවෙමින් පවතින මතබේදාත්මක ගැටුම් හේතුවෙන් චීන ජනාධිපතිවරයා මෙම සමුළුව වර්ජනය කරනු ඇති බවයි.

පසුගියදා චීනය විසින් දැනට ඉන්දීය දේශසීමාවට අයත් අරුනාචල් ප්‍රදේශ් සහ ඩොක්ලාම් සානුව චීනයේ දේශසීමා තුළ පවතින බව පෙන්වන සිතියමක් නිකුත් කිරීමෙන් පසු මේ සතියේ දෙරට මතභේදාත්මක ගැටුම් ඇති විය.

කෙසේ නමුත්, මෙම හමුව වෙළඳාම සහ භූ දේශපාලනික ආතතීන් විසින් පලුදු වූ සබඳතා ස්ථාවර කිරීමට චීනයට හා ඇමරිකාවට ද අවස්ථාවක් වන අතර ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(31) දිනයේදී වොශින්ටන්හි වාර්තාකරුවන්ට සඳහන් කර තිබුණේ, ජින්පින් ගේ සහභාගී වීම තමා අපේක්ෂා කරන බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...