*
Monday, May 6, 2024
spot_img

Latest Posts

කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය දිනවීම පාර්ලිමේන්තුවේ වගකීමක්!

කොළඹ LNW: සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන විශ්වාසභංගය දිනවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගේ වගකීම බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බවයි.

“ලබන සතියේ වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගේනවා. අපට දැනට ලැබී තියෙන ආරංචිය හැටියට මෙය හය හත අට දිනවල විවාදයට ගෙන ඒමට නියමිතයි. මේ විශ්වාසභංග යෝජනාව ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වන්නේ කොහොමද?. ලංකාවේ අද වෙනකොට ලෝකයට ඉදිරිපත් කරන්නට හැකි සේවාවන් ටිකක් තියෙනවා නම් ඒ තමයි නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය, මෙයින් අද වෙනකොට නිදහස් සෞඛ්‍ය සේවය වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාගේ ක්‍රියාමාර්ග නිසා බරපතළ ලෙස අර්බුදයට ලක්වෙලා තිබෙන තත්ත්වයක් යටතේ තමයි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ලංකාවේ මුලසිටම පැවතියේ නොමිලේ සෞඛ්‍ය සේවයක්. මේ සෞඛ්‍ය සේවය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ බරපතල විශ්වාසයක් තිබුනා. ලෝකයේ පවා විශිෂ්ට ලෙස ඇගයීමට ලක් කරලා තිබෙන සෞඛ්‍ය සේවාවක්. විශේෂයෙන්ම ඉතාමත්ම අඩු වියදමින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන රටක් හැටියට ලෝකයේ විවිධ සංවිධානවල විවිධ රටවල ප්‍රශංසාවට ලක්වෙලා තිබූ සෞඛ්‍ය සේවයක් තමයි අපිට තියෙන්නේ අද වෙනකන්.

සෞඛ්‍ය සේවය පසුගිය වසර පමණ කාලය තුල කරන ලද විකාරරූපී ක්‍රියාවන් නිසා බරපතල ලෙස අර්බුදයට ලක්ව තිබෙන අතර එම විකාරරූපී ක්‍රියාවන් වලින් එකක් ලෙස මේ ඖෂධ හිඟය දැක්විය හැකි බවයි අමරසිංහ මහතා පවසන්නේ.

”ඊළඟට ඖෂධ වල තත්වය පිළිබඳව ඇතිවෙලා තියෙන අර්බුදය. තුන්වෙනුව වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සේවාව හැර යාමේ තත්ත්වය. මේ ප්‍රශ්න තුනටම වගකිව යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි අපගේ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා. ඒ වගේම මේ ප්‍රශ්න පිළිබඳව මේ රටේ රෝගීන්, මේ රටේ මහජනතාව, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, විවිධ වෘත්තිකයන් සියලුම දෙනා ප්‍රශ්න නගලා තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ජනමතයක් ගොඩනගන්න හදලා තියෙනවා. ඒ කිසි දෙයක් ඉදිරියේ නොසැලී කිසිම ආකාරයක ලැජ්ජාවක් හෝ බයක් නොමැතිව තමන් මේ සෞඛ්‍ය ඇමති පදවියේ රැඳී සිටිනවාය කියන ප්‍රකාශය කරමින් ඉන්නවා මේ වෙනකොට අපගේ සෞඛ්‍ය ඇමතිතුමා.

සෞඛ්‍ය ඇමතිතුමා මේ සියලු අර්බුද හමුවේ මේ කිසිම අර්බුදයක් ගැන තමන්ගේ වගකීම ප්‍රකාශ නො කොට මේ කිසිම අර්බුදයකට තමන් දෙන තමන් දෙන විසඳුම ගැන ප්‍රකාශයට පත් නො කොට තමන් වැඩිදුරටත් මේ සෞඛ්‍ය ඇමැති පදවියේ රැඳී සිටිනවාය කියන එක කියමින් ඉන්නවා. මේ කරුණු උඩ තමයි එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයට සිදුවෙලා තියෙන්නේ.

සෞඛ්‍ය සේවයේ ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් සොයා ගැනීම සඳහා කිසිම ආකාරයක විශේෂම විශේෂඥ කමිටු කරන කිසිම දෙයක් ගැන අමාත්‍යවරයා කල්පනා නොකරන බවද ඔහු සඳහන් කරයි.

”දැන් එතුමා ඇත්ත වශයෙන් මෙතනදි වැඩ කරන්නේ කිසිම ආකාරයක ලැජ්ජාවක් හෝ බයක් නැති පුද්ගලයෙක් විදියට. ඇත්ත වශයෙන්ම ලැජ්ජා බය දෙක නැති කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් මෙතරම් චෝදනා තිබෙද්දිත් ඒ පිළිබඳව කිසිම කනකට ගන්නැතුව වැඩ කිරීම ඉතාමත්ම අශෝභනයි. දැනට තියෙන ඖෂධ නියාමන අධිකාරී පනතේ හැටියට අපරාධ නඩුවක් ගොනු කරලා වසර තුනක සිරදඬුවමක් ලැබිය හැකි තරම් වරදක්. මේ නඩුව අද නැත්නම් හෙට නැත්නම් අවුරුදු දෙක තුනකින් නැත්නම් පහකින් හෝ දහයකින් එතුමාට විරුද්ධව පැනවෙන එක නිශ්චිතයි. ඒක පිළිබඳව එතුමා බයක් නෑ. ඒ වගේම රෝගීන්ගේ ජීවිත ගැන සලකන කොට, රෝගීන්ගේ ජීවිත වලට තමන් වගකීම තුළින් අවම වශයෙන්, පරලොවක් ගැන කල්පනා කරන කෙනෙක් නම්, එතුමා බයවෙන්න ඕන. පරලොවේදී හෝ තමන්ට මේ පිළිබඳ දඬුවම් ලැබෙනවා. දැන් මේ බය නෑ. මෙලොව හෝ පරලොව ලැබිය හැකි විපාකයන් ගැන කිසිම බයක් නැහැ.”

‘දැන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන එන තත්ත්වය තුළ ඔහු කල්පනා කරනවා ඇති පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණයක් කර ගත්තොත්, ඒ කියන්නේ විශ්වාසභංග යෝජනාව පරාජය කර ගත්තොත් එතුමාට යම්කිසි ආකාරයක රැකීමක් තියෙනවා කියලා. රැකීමක් ඇත්තේ නැහැ. මේ වෙනකොට මේ රට තුළ ඇතිවෙලා තියෙන ජනමතය අනුව මෙතුමා දැන් ඇත්ත වශයෙන්ම දේශපාලන වශයෙන් ඇවිදින මළමිනියක් වගේ. රට තුළ ජනතාව පැහැදිලි වෙලා තියෙනවා. මොකද ඒ ජනතාව රෝහලෙන් ඖෂධ ගන්නවා. එතනට ගියහම තේරෙන ඖෂධ නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලොන්ට තේරෙනවා ගියා ම මේ දෙන ඖෂධ වල ඖෂධ වලින් කිසිම ගුණයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ අයට තේරෙනවා මේ ඖෂධ ලබා ගැනීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවන් වල පල විපාක. ඒ නිසා ඒ අයගේ ඥාතීන් මිය යනවා කියන දේ තේරෙනවා. ඒක ගැන මොන තරම් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවත් මොනතරම් විශේෂඥ වෛද්‍ය කමිටු කියා ඒ අයව පත් කරන අයගෙන් සහතික ලබා ගත්තත් එය අනිත් පැත්තට හැර ජනමතය අනිත් පැත්තට හැරීමට එතුමාට හැකියාව නෑ.” යනුවෙන් අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan