ජාතිකත්වය නමැති කටු ඔටුන්න පරදා, නයිජීරියාවේ විශ්ව රූ රැජින කිරුළ Adetshina ට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

සැප්තැම්බර් 02 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: ජාතිකත්වය ගැන නොයෙකුත් ප්‍රශ්න මධ්‍යයේ Miss South Africa තරඟයෙන් ඉවත් වීමට සිදු වූ සුරූපිනියක් පිළිබඳව පසු ගිය දිනක ආන්දෝලනයක් ඇති විය.

මෙලෙස තම අයිතිවාසිකමට ප්‍රශ්නාර්ථයක් වුණු Chidimma Adetshina වෙනත් රටක රූ රැජින ලෙස කිරුළු පැළදීමට භාග්‍ය උදා කර ගැනීමට සමත් විය.

ඉකුත් සෙනසුරාදා නයිජීරියාවේ විශ්ව රූ රැජින ලෙස ඇය කිරුළු පැළඳීමත් සමඟ Adetshina ප්‍රීතියෙන් කඳුළු සැලුවාය.

“මෙම ඔටුන්න අලංකාරය සඳහා පමණක් නොවේ; එය එකමුතුකම සඳහා කැඳවීමක්” යැයි 23 හැවිරිදි නීති ශිෂ්‍යයාව සති කිහිපයකට පසු දැඩි මාධ්‍ය ආවරණයක් මධ්‍යයේ ප්‍රකාශ කළාය.

Miss South Africa තරඟයේ අවසන් තරඟකාරියක් ලෙස ඇය පිළිබඳ විවේචන රැල්ලක් ඇති කිරීමෙන් පසුව ඇයට නයිජීරියාවේ විශ්ව රූ රැජින සඳහා සහභාගී වීමට ආරාධනා කරන ලද අතර එහිදී ඇය ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

සුදුස්සාට ගරහන සමාජයක, සුදුස්සාට සුදුසු තැන කෙසේ හෝ ලැබෙනවා යැයි කියන කියමනය කඳිම නිදසුනක් Adetshina ගෙන් ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...